ඩුබායි මාරක අනතුර



ඕමානයේ සිට ඩුබායි තෙක් ධාවනය වෙමින් තිබූ බස් රියක් මාර්ගයෙන් පිටතට පැන සංඥා පුවරුවක ගැටී සිදුවුණු අනතුරින් 17 දෙනෙක් මියගියහ.

ඉන්දීය තානාතපති කාර්යාලය නිවේදනය කළේ මියගිය 17 දෙනා අතර ඉන්දිය ජාතිකයන් අට දෙනකු සිටින බවය. සෙසු පිරිස අතර විදේශිකයන් සිටිනවාදැයි මෙතෙක් අනාවරණය වී නැත.

අනතුරින් 9 දෙනකු තුවාල ලැබූ බවත්, රෝහල් ගත කළ ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි. මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රියේ මගීන් 31 දෙනකු ගමන් කරමින් සිට ඇත. අනතුර සිදුවී ඇත්තේ රියැදුරුට නින්ද යෑමෙන් යැයි පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS