ඩුබායි පිරිමින්ට පියයුරු පිළිකා



ඩුබායි නුවර පියයුරු පිළිකා වැළදී ඇති පිරිමින්ගේ සංඛ්‍යාව දහය දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය වසර දොළහක (2007-2019) කාලය තුල පියයුරු පිළිකා රෝගීන් හමු වු බව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ නිර්මාතෘ. ශල්‍ය වෛද්‍ය මොසා. ඒ. හත්තාවි ප්‍රකාශ කළා ය.

පිරිමින්ට වැළදෙන පියයුරු පිළිකා දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවත්, පරම්පරාවෙන් පැමිණිය හැකි බවත්, ජාන වෙනස්වීම් හේතුවෙන් පිරිමින්ට පිළිකා වැළඳීමේ හැකියාවක් පවතින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

පියයුරු පිළිකා වැළදී ඇති පිරිමින් දසදෙනා මේ වන විටඩුබායි සෞඛ්‍ය අධිකාරියෙන්අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS