ඩුබායි පාලකයාට 70 යි



එමිරේට්ස් උප-ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් සිය හැත්තෑ වැනි උපන්දිනය සමරා ඇති බව වාර්තා වේ.

ඩුබායි පාලකයා 1949 ජුලි 15 දින ෂින්ඩාගා හි අල් මක්ටූම් නිවසේදී උපත ලබා ඇති අතර දරුවන් හතර දෙනෙක්ගෙන් යුත් පවුලක තුන්වෙනියා වේ.

අභාවප්‍රාප්තහිටපු ඩුබායි පාලක, ෂෙයික් මක්ටූම් බින් රෂීඩ් අල් මක්ටූම් 1995 ජනවාරි 3 වන දින ෂෙයික් මොහොමඩ් ඩුබායි හි ඔටුන්න හිමි කුමරු ලෙස පත් කළේය.

2006 ජනවාරි 04 දිනසිය වැඩිමහල් සහෝදරයාගේ අභාවයෙන් පසු ඩුබායි පාලකයා ලෙස ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් පත් විය.

ඩුබායි පාලකයා, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සෑම අංශයකින්ම ලෝකයේ ප්‍රබල රටක් කිරීම සඳහා විශාල කැප කිරීමක් කරමින් සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS