ඩිජිටල් නාමපුවරු අනිවාර්යයි



සෞදි අරාබියේ ඉන්ධන පිරවුම්හල් පිවිසුම් දොරටු අසල මිල ගණන් සඳහන් කළ ඩිජිටල් නාමපුවරු සවිකිරීම අනිවාර්ය කර ඇත.

ඉන්ධන පිරවුම්හලේ විකිණීමට ඇති සියළුම ඉන්ධන වර්ගවල මිල ගණන් ඩිජිටල් නාමපුවරුවේ සඳහන් කර තිබිය යුතු බවට නාගරික හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය නියෝග කර ඇත.

ඉන්ධන මිල ගණන් ප්‍රදර්ශනය කිරීම සඳහා ඩිජිටල් නාමපුවරු සවිකර ඇති බවට තහවුරු කරන ලෙස සියළුම මහනගර සභාවලට අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

ගනුදෙනුකරුවන් සහ සේවා සපයන්නන් අතර විනිවිදභාවය සහ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් ඩිජිටල් නාමපුවරු සිවිකිරීමට නියෝග කළ බව නාගරික හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS