ඩ්‍රෝන සහ කෲස් මිසයිලවල සුන්බුන් ප්‍රසිද්ධිය



සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය එරට ඇරැම්කෝ තෙල් සමාගමට ප්‍රහාර එල්ල කරන ලද ඩ්‍රෝන සහ කෲස් මිසයිලවල සුන්බුන් කොටස් බදාදා (18) ප්‍රසිද්ධියට පත් කළේය.

පසුගිය සති අන්තයේදී සෞදි අරාබියේ ඇරැම්කෝ තෙල් සමාගමට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල විය. ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් එම ප්‍රහාරවල වගකීම බාර ගත්ත ද ඔවුන්ට එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාවක් නැතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට චෝදනා එල්ල වූ නමුත් ඉරානය දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

සෞදි ආරක්ෂක අමාත්‍යාංශයට අනුව ඩ්‍රෝන 18ක් සහ කෲස් මිසයිල 7ක් යොදා ගනිමින් ඇරැම්කෝ තෙල් සමාගමට ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රහාර එල්ල කර ඇත්තේ යේමනයේ සිට නොවන බව ද සෞදි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

කොයිම මොහොතක හෝ ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් ඊට ප්‍රතිචාර දක්වන බවට ද ඉරානය අනතුරු අඟවා ඇත.

බී.බී.සී. ඇසුරිනි 


RECOMMEND POSTS