ටියුනීසියාවේ විරෝධතා



දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිලට විරෝධය දක්වමින් ටියුනීසියා රජයට එරෙහිව එරට ටියුනිස් අගනුවර ඇරැඹුණු විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

විරෝධතා ආරම්භ වූයේ පසුගිය 9 වැනිදාය. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවුණු අතර, පොලිසිය එම විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

කෝපයට පත් විරෝධතාකරුවන් රජයේ දේපොළ හානි සිදු කළ බවත් වාහන ගිනිබත් කළ බවත් වාර්තා වේ.

කලහකාරීව හැසිරෙද්දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විරෝධතාකරුවන් ගණන 240 කි. ගැටුම්වලින් පොලිසියේ 49 දෙනෙක් තුවාල ලැබූහ.

(රොයිටර්)


RECOMMEND POSTS