ට්‍රම්ප් - මැක්රොන් ලෙබනනය ගැන කතා කරති



ලෙබනනයට කඩිනමින් ආධාර ලබා දීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතර හදිසි දුරකතන කතාබහක් පැවැති බව ධවල මන්දිරය පවසයි.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඊයේ (7) බේරූට් නගරයට ගොස් පිපිරුමෙන් පසු සිදුවුණු මහා විනාශය දැක බලා ගත්තේය.

ජනාධිපති ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට ඇමතුම දුන් විට, සිදුවී ඇති ව්‍යසනයේ තරම ප්‍රංශ ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.

එය ඇසීමෙන් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මහත් සේ කම්පනයට පත් වුණු බවත්, ලෙබනනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක් වටිනා ඖෂධ සහ ආහාර ලබා දීමට ට්‍රම්ප් තීරණය කළ බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම ආධාර ලෙබනනයට ප්‍රවාහනය කෙරෙනු ඇත්තේ ඇමෙරිකන් හමුදාවේ සහාය ඇතිවය. එම ආහාර සහ ඖෂධ 50,000 ක පිරිසකට මාස 3 කට ප්‍රමාණවත් බව ධවල මන්දිරය පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS