ට්‍රම්ප් හමුවීමට ගිය කුවේට් එමීර් රෝහලේ



ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමේ අරමුණින් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට ගිය කුවේට් එමීර් 90 හැවිරිදි ෂෙයික් සභා අල් අහ්මද් අල් ජබාර් අල් සභා හදිසියේ ඇමෙරිකාවේ රෝහලකට ඇතුළත් කළේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

කුවේට් එමීර්වරයා රෝහල් ගත කෙරුණේ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් හමුවීමට වෙනත් වේලාවක් යොදා ගනිමිනි. කුවේට් එමීර්වරයා රෝහල් ගත කෙරුණේ ඇයිදැයි අනාවරණය වී නැත. ඔහු වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

කුවේට් එමීර්වරයා 2000 වසරේදීත් 2007 දී ඇමෙරිකාවේ රෝහලගතව සැත්කම් දෙකකට භාජන විය. 2000 දී එමීර්වරයාගේ හදවතට පේස්මේකර් උපාංගයක් සම්බන්ධ කෙරුණි. 2007 දී සිදුවූයේ මුත්‍රාශය සම්බන්ධයෙන් සැත්කමකි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS