ට්‍රම්ප් හමුවන්න ඇමෙරිකාවට



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, ලබන සතියේ ඇමෙරිකාවට ගොස් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට නියමිතය. තුර්කි ජනාධිපතිවරයා ඇමෙරිකාවට යන්නේ, ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුවය.

සිරියාවේ කුර්දිවරුන් සම්බන්ධ අර්බුදය මුල්කොට ගනිමින්, තුර්කිය සහ ඇමෙරිකාව අතර අර්බුදයක් පවතී. ඇමෙරිකාව සිරියාවේ කුර්දිවරුන්ට සහාය පළ කරයි. තුර්කිය කුර්දිවරුන් සහ කුර්දි බෙදුම්වාදී සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස සලකයි. ඇමෙරිකාව සහ තුර්කිය අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි.

අර්බුද ගැන සාකච්ඡා පවත්වා පොදු එකඟතාවක් ඇතිකර ගනිමින්, දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ජනපතිවරුන් දෙදෙනාගේ අරමුණ යැයි පැවැසෙයි. ලබන 13 වැනිදා තුර්කි ජනපති එර්දොවාන් ධවල මන්දිරයට පැමිණීමට නියමිතය.

තුර්කි ජනාධිපති එර්දොවාන් පිළිගැනීමට තමන් සූදානමින් සිටින බවත්, ඇමෙරිකාවට පැමිණෙන බව තුර්කි ජනාධිපති එර්දොවාන් තමන්ට ඇමතුමක් දී තහවුරු කළ බවත් ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත.

ඉස්තාන්බුල් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS