ට්‍රම්ප් දේව නියෝජිතයෙක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යනු ඉරානයට විරෝධය දක්වමින්, ඊශ්‍රායලයේ යුදෙව් වැසියන්ගේ හිත සුව පිණිස ඔවුන්ගේ ආරක්ෂාවට දෙවියන් විසින් එවනු ලැබූ නියෝජිතවරයකු යැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ කියයි.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මේ වනවිට සිටින්නේ ඊශ්‍රායලයේ ජෙරුසලමේය.

පොම්පේඕ මෙසේ අදහස් දැක්වීමක් කළේ ජෙරුසලමේ ක්‍රිස්තියානි නාළිකාවක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය. ට්‍රම්ප් හරහා දෙවියන් ඔහුගේ සැලැසුම් ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේය.

(ඬේලිමේල්)


RECOMMEND POSTS