ට්‍රම්ප් කළේ මෝඩ වැඩක්



2015 දී ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය ඉතා අනුවණ තීරණයක් යැයි ඉරානය කියයි.

2015 න්‍යෂ්ටික එකඟතාවෙන් ඉවත් වෙමින් ඉරානයට සම්බාධක පැනැවීමට ද ට්‍රම්ප් පියවර ගෙන ඇත. මේ හේතුව නිසා, ඉරානය යුරේනියම් බල ගැන්වීමක් සිදු කර ඇති අතර එමගින් 2015 න්‍යෂ්ටික එකඟකාව උල්ලංඝනය කර වී ඇත.

ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වඩා හොඳ එකඟතාවක් තමන් හඳුන්වා දීමට පියවර ගන්නා බවය. ඉරානය මීට දැඩි විරෝධය දක්වා ඇත. ඉරානය පවසන්නේ 2015 දී ඇති කරගත් එකඟතාවට සමාන කළ හැකි වෙනත් එකඟතාවක් නැති බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS