ට්‍රම්ප් උසි ගන්වන්නේ බෝල්ටන්



ඉරානයට පහර දෙන්නැයි ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් උසි ගන්වන්නේ, ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් යැයි ඉරානය චෝදනා කරයි.

ඉරානය වෙනුවෙන් මෙම චෝදනාව කර ඇත්තේ ඉරාන විදේශ ඇමති මොහොමද් ජවාද් සරීෆ් ය.

‘ඉරානය කිසිම අවස්ථාවක ඇමෙරිකාව තරහා කර ගන්න හදන්නේ නැහැ. ඇමෙරිකාව සමඟ අපි දිගටම සාකච්ඡා කළා. ඒත් ඇමෙරිකා ජනපතිගේ මනසට යුද්ධයක් අවශ්‍ය යැයි ඒත්තු ගන්නා ඇත්තේ ජෝන් බෝල්ටන්’ යැයි ඉරාන විදේශ ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS