ට්‍රම්ප් ඉරානයට පහර දෙන්න හදලා



ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව පෙන්වා දෙමින්, ඉරානයට පහර දීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානමින් සිට ඇත.

ට්‍රම්ප් මෙසේ සූදානම් වී ඇත්තේ පසුගිය දින කීපයේය.

කෙසේ නමුත් ඔහුගේ උපදේශකවරුන් සහ ඇමෙරිකන් හමුදා ප්‍රධානීන් ඊට තදින්ම විරෝධය දක්වා ඇත.

ඇමෙරිකා ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැති අවස්ථාවක ට්‍රම්ප් අණ දී ඉරානයට ප්‍රහාරයක් එල්ල කළොත් එය මහා අවුල් ජාලයකට ඇමෙරිකාව ඇද දැමීමක් වනු ඇති බව උපදේශකවරුන් ට්‍රම්ප්ට පැහැදිලි කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS