ට්‍රම්ප්ගේ සහායට ඊශ්‍රායලය



ඉරාන කුද්ස් හමුදා බළඇණියේ නායක මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ‘ත්‍රස්තවාදියකු’ බව පෙන්වා දෙමින්, ඇමෙරිකාව ඔහු මරා දැමීම පැසැසුමට ලක් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියා සිටියේ, ඇමෙරිකාවට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අයිතියක් ඇති බවය. ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරාකයට පැමිණ සිටි මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මරා දැමුණේ, පසුගිය 31 වැනිදා බැග්ඩෑඞ් ඇමෙරිකන් තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් කඩා වැදී වටලා පහර දීමේ සිදුවීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.

ඊශ්‍රායලය ඉරානයේ පස මිතුරාය. ඩොනල්ඞ් ට්‍රම්ප් 2016 වසරේ ජනපති ධුරයට පත් වූ අවස්ථාවේ පටන්, ඉරානය සමඟ ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ දැරුවේය. ඒ, ඊශ්‍රාලයේ යුදෙව් සහාය ලබා ගැනීමටය.

ඇමෙරිකාවේ යුදෙව්වන් බොහෝ දෙනෙකි. ඔවුන්ගේ ඡන්දය ට්‍රම්ප්ට වැදගත්ය. මෙම 2020 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. ට්‍රම්ප් ඊට ඉදිරිපත් වෙයි. එහිදී ද යුදෙව් වැසියන්ගේ ඡන්ද ලබා ගැනීම ට්‍රම්ප්ගේ අපේක්ෂාවය.

ඊශ්‍රායලය තවත් ළං කර ගනිමින් ඡන්ද ලබා ගැනීමේ ද අරමුණ ඇතිව ට්‍රම්ප් ඉරානය සමඟ ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ ගන්නවා යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(අල් ජසීරා)


RECOMMEND POSTS