ට්‍රම්ප්ගේ විරෝධයක්



යේමන අර්බුදයේදී ඇමෙරිකා රජය යේමන රජයට සහාය දක්වන සෞදියට සහය දීමෙන් වැළැකී සිටිය යුතු යැයි එරට සෙනෙට් මණ්ඩලය විසින් ගත් තීරණය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ විරෝධයට හේතුවක් වී ඇත.

ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ යේමන අර්බුදයේදී දිගටම සෞදියට සහාය දිය යුතුයි කියාය. සෙනෙට් මණ්ඩලය ඒකමතිකව සෞදියට විරෝධය දක්වයි. ඒ, සෞදි ජාතික ඇමෙරිකන් පුරවැසියකු ද වූ, මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතන සිදුවීම මුල්කොට ගනිමිනි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS