ට්‍රම්ප්ගේ ලිපිය කුණු කූඩේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තමන්ට එවූ ලිපිය තමන් කුණු කූඩයට දැමුවේ යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තුර්කි ජනාධිපතිවරයාට මෙසේ ලිපියක් යැවුවේ, උතුරුදිග සිරියාවේ කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, සිදු කරන ප්‍රහාර නවත්වා සටන් විමාරයකට යන්නැයි තුර්කි ජනපතිගෙන් ඉල්ලමිනි.

ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් තුර්කියට සම්බාධක පැනැවීමක් ද සිදු කර තිබේ. තුර්කි ජනපතිවරයා පවසා ඇත්තේ තමන් ඇමෙරිකන් සම්බාධකවලට බියක් නොදක්වන බවය. ‘මුරණ්ඩු මෝඩයකු වන්න එපා’ යැයි ට්‍රම්ප් තුර්කි ජනපතිවරයාට එම ලිපිය හරහා පවසා ඇතැයි ද වාර්තා වේ.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS