ට්‍රම්ප්ගේ ප්‍රකාශය ආන්දෝලනයට



 

ලෙබනනයේ බේරූට් වරායේ මහා පිපිරුම සිදුවුණු සැණින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශය මුල්කොට ගනිමින් ආන්දෝලනයක් හටගත්තේය.

ප්‍රහාරය සිදුවීමෙන් පසු ඒ ගැන දැනගත් සැණින් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ‘එක මහ බිහිසුණු ප්‍රහාරයක්’ යනුවෙනි. කෙසේ නමුත් පසුව අනාවරණය වූයේ, එය ප්‍රහාරයක් නොව, වරායේ ඇමෝනියම් නයිටේ්‍රට් ගබඩාව පුපුරා ගිය බවය. සිදුවූයේ කුමක්දැයි හරිහැටි නොදැන, කිසිදු සාක්ෂියක් නොමැතිව ට්‍රම්ප් එසේ පැවැසීම ලෙබනන් රජයේ විරෝධයට හේතුවක් විය.

ලෙබනන් රජයේ විරෝධයට ජනපති ට්‍රම්ප් ඊයේ (6) ප්‍රතිචාර දැක්වූයේ, සිය ට්විටර් පණිවුඩය සාධාරණීකරණය කරමිනි. ‘ලෙබනන් රජයට අනුව සිදුවුණේ අනතුරක්. ඒත් ඒක අනතුරක් වෙන්නේ කොහොමද ? අන්තරාකාරී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අනාරක්ෂිතව ගබඩා කිරීමක්. සමහරවිට එය ප්‍රහාරයක් වෙන්න පුළුවන්’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ධවල මන්දිරයේ මාධ්‍යවේදීන් හමුවේ පෙන්වා දුන්නේය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS