ට්‍රම්ප්ගේ තීරණය වෙනස් කරන්නේ නෑ



එලැඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ඡන්ද පොරොන්දුවක් දෙමින් පවසා ඇත්තේ, තමන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුවහොත්, වත්මන් රිපබ්ලිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සේම, ඇමෙරිකන් තානාපති කාර්යාලය දිගටම ජෙරුසලමේ පවත්වා ගෙන යන බවය.

ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකාන් තානාතපති කාර්යාලය ජෙරුසිලමට ගෙන යෑමට කටයුතු කළේ ජෙරුසලම පලස්තීනයට අයත් නොවන බවත්, එය ඊශ්‍රායලයේ අගනුවර බවත් සනාථ කරමිනි. මෙය ඊශ්‍රායල පලස්තීන සාම සැලැස්මට බාධා එල්ල විය.

මේ අතර ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියකු මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ද වන හිලරි ක්ලින්ටන් පවසා ඇත්තේ තමන්ගේ සහාය ජෝ බයිඩන්ට හිමිවන බවය. ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ බයිඩන් උප ජනපති ධුරය හෙබවූ අතර, හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළාය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS