ට්‍රම්ප්ගේ තීරණය අමානුෂිකයි: ඉරාන උප ජනාධිපති කියයි



ඉරානය ඇතුළු මුස්ලිම් රටවල් හතකට ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැනැවූ තහංචිය අමානුෂික බවත් එමගින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ඉරාන උප ජනාධිපති ඉසාක් ජහන්ගිරී පවසයි.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප් විධායක නියෝගයක් හරහා පැනැවූ එම තහංචිය සම්බන්ධයෙන් නීතිමගින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ඉරාන රජය වෙනුවෙන් උප ජනපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

මේ අතර ට්‍රම්ප් පරිපාලනය ඉරානයේ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් චෝදනා කර ඇති බවත්, ලෝක ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ ඉරානය බවත් පවසා තිබේ.

 

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS