ජෝර්දාන දේශසීමාවේ ගුවන්තොටුපොළක්



ජෝරාදාන දේශසීමාවට කිලෝ මීටර් කීපයක් නුදුරින් ඉදි කෙරුණු නව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදනායාහු අතින් විවෘත කෙරුණි.

‘රමෝන්’ යන නමින් නම් කළ මෙම නව ගුවන්තොටුපොළ ඉදි කරනු ලැබ ඇත්තේ රතු මුහුදේ සංචාරක නගරයක් ලෙස සැලකෙන ඉලාට්හිය.

ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට අමතරව, අභිනවයෙන් ඉදි කළ රමෝන් ගුවන්තොටුපොළ වැඩි වැඩියෙන් සංචාරකයන් ආරක්ෂණය කර ගැනීමට හැකිවනු ඇති බව අගමැති නෙදන්යාහු පැවැසීය.

නව ගුවන්තොටුපොළ රමොන් යන නමින් නම් කර ඇත්තේ අභ්‍යවකාශයට ගිය පළමු ඊශ්‍රායල ගගනගාමියා ඉලාන් රමෝන් ට ගෞරවයක් ලෙසිනි. නාසා කොලොම්බියා ෂටලය විනාශ වෙද්දී එහි සිටි ගගනගාමින්ගෙන් කෙනෙකු වූයේ ඉලාන් රමෝන්ය.

ටෙල් අවීව්හිදීය
අල් ජසීරා ඇසුරිනි

 


RECOMMEND POSTS