ජෝර්දාන් රජු හා ජනාධිපති අතර සාකච්ඡාවක්



 
සිරියානු අර්බුදය, මැද පෙරදිග අර්බුද ආදිය ද ඇතුළුව කරුණු රැසක් සම්බන්ධයෙන් ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු හා පෝලන්ත ජනාධිපති අන්ද්‍රේ ඩූඩා අතරේ සාකච්ඡා පැවැත්විණි.
 
එහිදි මැද පෙරදිගට සාමය ගෙන ඒම හා ත්‍රස්තවාදයට එරෙහි සටන සම්බන්ධයෙන් දෙරටේ නායකයෝ දෙදෙනා වැඩි අවධානයක් යොමු කළහ. 
 
ජේාර්දානට පැමිණි පළමු පෝලන්ත ජනාධිපතිවරයා වීමේ අවස්ථාවද ජනාධිපති අන්ද්‍රේ ඩූඩා හිමි වූ අතර ඔහු අරාබි රටක සංචාරයක නිරත වූ පළමු අවස්ථාව ද එය විය.
 
එම අවස්ථාවේදී අදහස් දක්වමින් යුරෝපා සංගමය සමඟත් නේටෝව සමඟත් ශක්තිමත් සබඳතා ඇත්තේ ජේාර්දානය සතුව යැයි ද දෙවැනි අබ්දුල්ලා රජු කීය.
 
පෙට්‍රා පුවත් 

RECOMMEND POSTS