ජෙරමි කෝබින්ට චෝදනා



බටහිර ජර්මනියේ මියුනිච් නුවරට 1972 වසරේ දී  එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා ලැබූ පිරිසක් සිහි කිරීමේ උත්සවයකට සහභාගී වීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින්ට චෝදනා එල්ල වී ඇත.

ඒ සම්බන්ධයෙන් සමාව ගත යුතු යැයි ද බොහෝ පිරිසක් ජෙරමි කෝබින්ට පවසා ඇති අතර තමන් ඒ සම්බන්ධයෙන් සමාව ගන්නේ නැතැයි ජෙරමි කෝබින් ප‍්‍රකාශ කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩියෙන්ම කෝපයට පත්ව ඇත්තේ ඊශ‍්‍රායල අගමැතිවරයාය. ජෙරමි කෝබින්ට කිසිදු සමාවක් නැතැයි ඊශ‍්‍රායල අගමැති  බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත.

වසර 1985 දී ඊශ‍්‍රායලය එල්ල කරන ලද ගුවන් ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ අහිංසක සිවිල් වැසියන් සිහි කිරීමේ උත්සවයකට තමන් සහභාගී වූ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෙරමි කෝබින් පවසා ඇත. එමෙන්ම ඔහු මියුනිච් ප‍්‍රචාරය හෙළා දැක ඇති අතර එය ඉතා බිහිසුණු ප‍්‍රහාරයක් යැයි ද පවසා තිබේ. 

ජෙරමි කෝබින් ‘‘කළු සැප්තැම්බරය’’ සංවිධානයේ සාමාජිකයන්ගේ ස්මාරකය ආසන්නයේ මල්වඩම් ඇති ව සිටින ඡුායාරූප පෙළක් අඟහරුවාදා (14* ප‍්‍රසිද්ධියට පත්විය. ඉන් අනතුරුව කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් 2014 වසරේදී ටියුනීසියාවේ ටියුනිස් නුවර පැවැති උත්සවයට වී ඇතැයි ඬේලිමේල් පුවත්පත වාර්තා කිරීමත් සමඟ මෙම මත ගැටුම ආරම්භ විය.

එම පලස්තීන කණ්ඩායම ඊශ‍්‍රායල ඔලිම්පික් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් 11 දෙනකු ප‍්‍රාණ ඇපයට ගෙන ඔවුන් ඝාතනය කළ අතර 1972 වසරේ ගිම්හාන කී‍්‍රඩා අතරවාරයේදී බටහිර ජර්මනියේ පොලිස් නිලධාරියකු ද ඝාතනය කළහ.
අදාළ සැමරුම් උත්සවයට සහභාගී වීම සම්බන්ධයෙන් සමාව ගන්නැයි බොහෝ පාර්ශව ජෙරමි කෝබින්ගෙන් ඉල්ලා තිබිණි.

‘‘එහි ගියා කියලා මම සමාව ගන්නේ නැහැ. මම මැද පෙරදිග සාමය ඇති කරන්න සාමය ප‍්‍රවර්ධනය කරන්න උත්සාහ කරනවා’’ යැයි එම ඉල්ලීම්වලට පිළිතුරු දෙමින් කෝබින් කීවේය.

පලස්තීන විමුක්ති සංවිධානයේ (පී.එල්. ඕ මූලස්ථානය ටියුනීසියාවේ අගනුවර පිහිටා තිබූ අතර 1985 වසරේදී ඊට ඊශ‍්‍රායලයෙන් ගුවන් ප‍්‍රහාරයක් එල්ල විය.

‘‘ටියුනීසියාවට ඊශ‍්‍රායලයෙන් එල්ල වූ ප‍්‍රහාරය තවමත් මට මතකයි. මියගිය පිරිස් මට මතකයි.   මුළු ලෝකයම එම ප‍්‍රහාරය හෙළා දැක්කා. තවත් බොහෝ අය පුෂ්පෝපහාර දැක්වූවා’’ යැයි ද කෝබින් කීය.

එක්දහස් නවසිය අසූ පහ වසරේදී එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය පිරිස් සම්බන්ධයෙන් තමන් තවමත් කනගාටුවට පත්වන බව ද කෝබින් පැවැසීය.

‘‘ඒ සොහොන් බිමේ තවත් බොහෝ අය සිටියා. එයත් ලොව අනෙක් සුසාන භූමි වගේ. එහෙත් එහිදි පුෂ්පෝපහාර දැක්වූයේ මියගිය සිහි කරමින්’’ යැයි ද හෙතෙම කීය.

ලොව පුරා රටවල නියෝජිතයන් දේශපාලන පක්ෂවල ඇතුළු බොහෝ පිරිසක් එහි පැමිණ සිටි බව ද ජෙරමි කෝබින් තවදුරටත් පවසා ඇත.

හර්ෂණ තුෂාර

බී.බී.සී


RECOMMEND POSTS