ජිහාද් නායකයා ඊශ්රායල ප්රහාරයෙන් මරුට
ගාසා තීරයේ ක්රියාත්මක පලස්තීන ‘ඉස්ලාමික් ජිහාද්’ අන්තවාදී කණ්ඩායමේ නායක බහා අබ් අල් අටා ඉලක්ක කර ගනිමින් ඊශ්රායල හමුදාව මිසයිල ප්රහාර මාලාවක් එල්ල කළේය.
මිසයිල ප්රහාර එල්ල කර ඇත්තේ, බහා අබ් අල් අටාගේ නිවස ඉලක්ක කර ගනිමිනි. නිවස මිසයිල ප්රහාරයකින් මුළුමනින්ම විනාශ විය. එම ප්රහාරයෙන් 42 හැවිරිදි බහා අබ් අල් අටා පමණක් නොව ඔහුගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්විය. නිවසේ සිටි තවත් සිවු දෙනෙක් තුවාල ලැබූහ.
ගාසා තීරයේ ක්රියාත්මක ‘ඉස්ලාමික් ජිහාද්’ අන්තවාදී කණ්ඩායම ත්රස්ත කල්ලියක් ඊශ්රායලය සැලකෙයි. බහා අබ් අල් අටාගේ නිවස ඉලක්ක කර ගනිමින් ඊශ්රායල හමුදා එල්ල කළ එක් මිසයිලයක් පතිත වූයේ රථ වාහන ධාවනය වෙමින් පැවැති මාර්ගයක් අසලටය. එම මිසයිලය මාර්ගය අසගට පතිත වී පුපුරා යන දසුන් මාර්ගයේ සී.සී.ටීවී. කැමරාවල සටහන් වී ඇත.
ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)