ජිවිතාන්තය තෙක් සිරදඩුවමක්



ඊජිප්තු රංගන ශිල්පි තාරික් අල්- නාරීට ජිවිතාන්තය දක්වා සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

ගිනි අවි සහිතව ප්‍රචණ්ඩ ක්‍රියාවලට 2011 වර්ෂයේදි සම්බන්ධ වීම හේතුවෙන් තාරික් අල්-නාරිට සිරදඩුවම් නියම කිරීමට ඊජිප්තු අපරාධ අධිකරණය නියෝග කර ඇත.

රංගන ශිල්පියා ඇතුළු පුද්ගලයන් නව දෙනෙක්ට (09)  ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට අධිකරණය නියෝග කර ඇත.

1952 වර්ෂයේ උපත ලබා ඇති තාරික් අල්-නාරිව ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් 2012 වර්ෂයේදි රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට ඉදිරිපත් කිරීමට ඊජිප්තු ආරක්ෂක අංශ කටයුතු කළේ ය.

වානිජ විද්‍යා උපාධිදාරියෙක් වන තාරික් අල්- නාරී 1987 වර්ෂයේදි රංගන ශිල්පියෙක් ලෙස සිනමාවට සම්බන්ධ වී ඇති අතර චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලාවන් ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)


RECOMMEND POSTS