ජිබ්රෙල්ටා බලධාරීන් ඇමෙරිකාවට බෑ කියයි



දින 43 ක් පුරා රඳවා ගෙන සිටි ඉරනයට අයත් ‘ගේ‍්‍රස් 1’ නමැති තෙල් නෞකාව තමන්ට බාර දෙන්නැයි ඇමෙරිකාව ඉදිරිපත් කළ වරෙන්තුව, නැව අත්අඩංගුවට ගත් ජිබ්රෙල්ටා බලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබූ අතර, නිදහස ලැබූ ‘ගේ‍්‍රස් 1’ තෙල් නැව පෙරේදා යළි ඉරානය බලා යාත‍්‍රා කළේය.

ජිබ්රෙල්ටා බි‍්‍රතාන්‍යයට අයත් පාලන ප‍්‍රදේශයකි. ‘ගේ‍්‍රස් 1’ තෙල් නැව පසුගිය ජූලි මාසයේ දී ජිප්රෙල්ටා බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, බි‍්‍රතාන්‍ය රාජකීය මැරීන් සොල්දාදුවන්ගේ ද සහාය ඇතිවය.
නෞකාව බොර තෙල් පුරවාගෙන සිරියාවේ බනායස් වරාය වෙත යාත‍්‍රා කරමින් තිබුණු නිසා එය අත්අඩංගුවට ගත්තේ යැයි බි‍්‍රතාන්‍ය රජය පැවැසීය. සිරියානු අර්බුදය හේතුවෙන් ඇමෙරිකාවත් යුරෝපා සංගමයත් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට සම්බාධක පනවා ඇත.

එම සම්බාධකවලට අනුව, සිරියාවට තෙල් රැගෙන යෑම සහ සිරියාව සමඟ තෙල් ගනුදෙනු සිදු කිරීම තහනම්ය. තෙල් නෞකාව අත්අඩංගුවට ගැනීම සිදුවූයේ මේ නිසා යැයි බි‍්‍රතාන්‍ය පැවැසුවත් එය සිදුවූයේ ඇමෙරිකාවේ බලපෑම් මත යැයි ඉරානය චෝදනා නගන්න විය.

පසුගිය 15 වැනිදා බි‍්‍රතාන්‍ය රජයේ උපදෙස් පරිදි අත්අඩංගුවට ගත් ඉරාන තෙල් නෞකාව නිදහස් කරන්නැයි ජිබ්රල්ටා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ, ‘ගේ‍්‍රස් 1’ තෙල් නෞකාව සම්බන්ධයෙන් ජිබ්රල්ටාා මහ ඇමැති ෆැබියාන් ෆිකාඩෝ පසුගිය ජූලි 19 වැනි දා ලන්ඩන් නුවරදී ඉරාන බලධාරීන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡ පැවැත්වීය. තම නැව සිරියාව බලා යාත‍්‍රා නොකළ බව ඉරාන බලධාරින් එහිදී පෙන්වා දුන් බව පැවැසෙයි.

ඒ අනුව, ඉරාන නෞකාව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය සිරියාවට පනවා ඇති සම්බාධක උල්ලංඝණය කිරීමක් සිදුවී නොමැති බව ජිබ්රාල්ටා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර, නෞකාව මුදා හරින්නැයි නියෝග කෙරුණි. ඇමෙරිකාව වරෙන්තුවක් ඉදිරිපත් කරමින් නෞකාව ඔවුන්ගේ බාරයට ගැනීමට උත්සාහ කළේ එම අවස්ථාවේදීය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS