ජාතිකත්වය අහෝසි කරලා



කුවේටයේ පිරිමි සහ ගැහැණු පනස් නවදෙනෙකුගේ (59) ජාතිකත්වය අහෝසි කිරීමට කුවේට් බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජාතිකත්වය අහෝසි කිරීමට අදාල නිවේදනය නිල ගැසට් පත්‍රයේ පළ කිරීමටනියෝජ්‍ය අගමැති සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය, ෂෙයික් කලිඩ් අල්-ජරාහ්ගේ සභාපතිත්වයෙන් යුත් කුවේට් ජාතිකත්ව පිළිබඳ කමිටුව කටයුතු කර ඇත.

කුවේට් විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ නීතියේ 1959 අංක 15දරණ අමිරි නියෝග යටතේ ඇති 9, 10 සහ 11 යන වගන්ති අනුවවිදේශ ගමන් බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS