ජල පරිභෝජනයට බදු



ජලය පරිභෝජනය කරන ප්‍රමාණය අනුව බදු අය කිරීමට ඕමාන ජල අධිකාරිය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මාසයකට ජල ගැලුම් 5,001 හෝ ඊට වැඩියෙන් ජලය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගෙන් (නිවෙස්වල) ගැලුමකට බයිසා 2.5 බැගින් අය කිරීමටත් 5,000ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ගෙන් බයිසා  2.0 බැගින් අයකිරීමට අධිකාරිය තීරණය කර ඇත.

වාණිජ හා කාර්මාන්ත සමාගම් සඳහා නිකුත් කරනු ලබන ජල ගැලුමක මිල බයිසා 3.0 සිට 3.5 දක්වාත්, රජයේ ආයතන සඳහා නිකුත් කරනු ලබන ජල ගැලුමක මිල බයිසා 2.0 සිට 3.5 දක්වා ඉහළ දමා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS