ජපන් අගමැති ඉරානයට යයි



ඉරානය සහ ජපානය අතර පවතින මිත්‍රත්වයට වසර 90 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුමකට සහභාගීවීම සඳහා ජපාන අගමැති ෂෙන්සෝ අබේ තෙහෙරාන් අගනුවර ගමන් ආරම්භ කර ඇත.

ඉරානය සහ ජපානය අතර යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැතියත්, දශක හතරකට පසු ඉරාන සංචාරයකට යන ජපාන අගමැතිවරයා වන්නේ ෂෙන්සෝ අබේය.

අගමැති ෂෙන්සෝ අබේ, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී සහ ඉරාන ජනාධිපති එසන් රොව්හානී හමුවී පවතින මිතුදම් සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් වර්ධනය කර ගනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

තෙහෙරානයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS