ජනපති අණින් පල්ලි විවෘත කරයි



ඉරානයේ මුස්ලිම් පල්ලි දෛනික යාච්ඥා කටයුතු සඳහා විවෘත කරන බව ඉරාන ජනාධිපතිවරයා පවසනවා.

ඉරාන ජනාධිපති, හසන් රුහානි එසේ පැවසුවත්, ඉරානයේ ඇතැම් ප්‍රදේශවලින්දිනෙන් දින විශාල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමේ තවත් පියවරක් ලෙස සාප්පු සංකීර්ණ සවස 6.00 දක්වා විවෘත කර තැබීමට අවසර ලබා දෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.

දැනට ඉරානයේ කොරෝනා ආසාදිතයන්සංඛ්‍යාව 148,950 ක් ලෙස වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 7,734කි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS