ජනගහනය මිලියන 10.6ක් වෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සමස්ථ ජනගහනය 2029 වනවිට මිලියන 10.6ක් වන බව වාර්තා වේ.

ඉදිරි දශකය තුළ සමස්ථ ජනගහනය 8.6%කින් වර්ධනය වනු ඇති බවට බ්‍රිතාන්‍යයේ ෆිච් සොලූෂන්ස් ආයතනය නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.

ඉදිරි වසර කිහිපය තුළ පිරිමි සහ ගැහැණු අතර ස්ත්‍රී පුරුෂ පරතරය අඩු වනු ඇති බවට එම වාර්තා වේ සඳහන් කර ඇත.

එම කාලය තුළ කාන්තාවන් සංඛ්‍යාව 13.6% කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර 2029 වන විට පිරිමි සහ ගැහැණු අතර අනුපාතය එක් කාන්තාවට පිරිමින් 2.3 සිට 2.1දක්වා අඩු වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS