ජංගම දුරකථනයෙන් ගෙවන්න පුළුවන්



ඕමාන් රජය සපයන සේවාවන් සඳහා ගෙවීම් ජංගම දුරකථනය හරහා නොවැම්බර් 18දින සිට සිදුකළ හැකි බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ජංගම දුරකථනයට ස්ථාපිත කරගන්නා මෘදුකාංගයක් හරහා අදාල ගෙවීම් කටයුතු සිදුකළ හැකිය.

සියළුම රජයේ ආයතනයන්වල අදාල සේවාවන් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට පෙර සේවාව සිදුවන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා නොවැම්බර් 18 දින සිට රජයේ ආයතන කීපයක සේවාව ක්‍රියාත්මක කරයි.

ඕමාන් මහ බැංකුව මුදල් අමාත්‍යාංශය සමඟ එක්ව නව සේවාව ක්‍රියාත්මක කර බව සේවාවන් පිළිබඳව පැවති වැඩමුළුවකට සහාභාගි වෙමින් මුදල් අමාත්‍යාංශයේ ආදායම් පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්, මුසල්ලම් බින් මොහොමඩ් අලි කටාන් ප්‍රකාශ කළේ ය. 

2020 මුල් භාගයේ සිට මුදල් ගණුදෙනුකටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස සියලුම රජයේ ආයතනවලට මුදල් අමාත්‍යාංශය දැනටමත් උපදෙස් දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS