ජංගම දුරකථනයෙන් කොරෝනා පැතිරෙයි



ජංගම දුරකථනයෙන් කොරෝනා වෛරසය පැතිරෙන බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කරනවා.

නොදැණුවත්කමින් රෝගය නිවස තුළට ගෙන යන “ට්‍රෝජන් අශ්වයෙකු’’ විය හැකි බව ඩුබායි පොලිසිය ගල්ෆ් පුවත් සේවයට පවසා ඇත.

කොරෝනා වෛරසය ජංගම දුරකථන මඟින් පැතිරෙන බවට ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ගණනාවක විද්‍යාඥයින් කණ්ඩායමක් සමඟ කරන ලද පර්යේෂණයකින් සනාථ වී ඇති බව ඩුබායි පොලිසියේ අධිකරණ වෛද්‍ය හා අපරාධ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුහුණු හා සංවර්ධන අධ්‍යක්ෂ, මේජර් ආචාර්ය රෂීඩ් අල්-ගෆ්රි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ගල්ෆ් නිවුස්, ඩුබායි නුවර)

RECOMMEND POSTS