ජංගම කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථානයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජංගම කොරෝනා (කෝවිඩ් -19) පරීක්ෂණ මධ්‍යස්ථානයක් විවෘත කර ඇති බව වාර්තා වේ.

ෂෙයික් සයීඩ් ක්‍රීඩා නගරයේ පරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර, ඕනෑම කෙනෙකුට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවාද නැද්ද යන්න පරීක්ෂා කර ගත හැකිය.

අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය හමුදා ප්‍රධානි, ෂෙයික් මොහොමඩ් බින් සෙයිද් අල්-නහියන් පැමිණ කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කර ඇති අතර, කුමරුගේ නාසය පිසදමා සාම්පල ලබාගෙන පරීක්ෂා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS