ගුවන් සේවකයෙක්ට අකරතැබ්බයක්



සෞදි ගුවන්සේවයේ කාර්ය මණ්ඩල නිලධාරියෙක් අනතුරකට ලක් වී තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ටියුනිසියාවේ ටිවුනිස් නුවරපිහිටා ඇති නිලධාරියාගේ නිවස තුලදී අනතුරට ලක් වී ඇති බව ටිවිටර් නිවේදනයක් නිකුත් කරමින් සෞදි ගුවන් සේවය සඳහන් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ටියුනිස් නුවර සෞදි තානාපති කාර්යාලය සහ ටියුනිසියානු බලධාරීන් පියවර ගෙන ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS