ගුවන් සමාගම සේවකයන් ගෙදර යවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ එයාර් ඇරේබියා ගුවන් සමාගම සේවක කප්පාදුවක් සිදුකර ඇති බව වාර්තා වේ.

ගුවන් සමාගමේ දැනට සේවකයන් 2,000කට ආසන්න සේවක සංඛ්‍යාවක් සේවය කරන අතර, කොපමණ සේවක සංඛ්‍යාවක් ඉවත් කරනවාද යන්න සඳහන් කර නොමැත.

කෙසේවෙතත්, මැයි මාසයේ සේවකයන් පනස් හත්දෙනෙක් (57) සේවයෙන් ඉවත් කිරීමට ගුවන් සමාගම කටයුතු කර ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් සිදු වී ඇති පාඩුව අවම කිරීම සඳහා අවසාන විසදුම ලෙස ගුවන් සමාගමට සේවකයන් ඉවත් කිරීම හැර වෙනත් කිසිවක් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

පසුගිය මාස කිහිපය තුළ රැකියා ආරක්ෂා කිරීම සඳහා ගුවන් සමාගම පියවර කිහිපයක්ද ගෙන ඇති බව පැවසේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS