ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියෝ මරුට



උතුරුදිග සිරියාවේ ඉඩ්ලිබ් පළතේ ගම්මාන කීපයකට රුසියන් ගුවන් හමුදාව පහර දී ඇති බවත්, එම පහරදීමෙන් සිවිල් වැසියෝ 78 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ.

රුසියන් හමුදාව පවසන පරිදි ඔවුන් එම ප්‍රහාරය සිදු කර ඇත්තේ, සිරියානු රජයේ උපදෙස් මත, සිරියානු රජය පෙරළා දැමීමට අවි අතට ගත් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් බවය.

ප්‍රහාරයෙන් සිවිල් වැසියන් මියගියා යැයි චෝදනා කර තිබෙන්නේ බටහිර රටවල සහාය ලබන සිරියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජනය කරන මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්ය.

ඩමැස්කස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS