ගුවන් තොටුපොලෙන් විවෘත ආරාධනාවක්



මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොලට සැප්තැම්බර් 25 දින පැමිණෙන ලෙස නිවේදනය කර ඇති බව වාර්තා වේ.

2020 ඔක්තෝබර් 01 දින විවෘත කිරීම නියමිත ගුවන්තොටුපොලේ මෙහෙයුම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා ඕමාන් පුරවැසියන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට පැමිණෙන ලෙස මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොලවිවෘත ආරධනාවක් කර ඇත.

ස්වේච්ඡා සේවකයන් 150කට දැනටමත් ආරාධනා කර ඇති බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරනවා.

දහවල් කාලයේදී, ස්වේච්ඡා සේවකයන් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන්COVID-19 පරීක්ෂණ පහසුකම් පරීක්ෂා කිරීමට සැළසුම් කර ඇත.

ඕමාන් රියාල් 25ක් වටිනා කොරෝනා පරීක්ෂණ නොමිලේ සිදුකරගැනීමට අවස්ථාව ලබාදී ඇති අතර, පැය 24 තුල එම ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS