ගුවන් ගමන් වාර 700 ක් අවලංගුයි



ඕමාන් ජාතික ගුවන් සේවය ගුවන්ගමන්වාර හත් සියයකට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බව වාර්තා වේ.

2020 පෙබරවාරි 01 දින සිට 29 දක්වා කාලය තුල අදාල ගුවන්ගමන් සංඛ්‍යාව අවලංගු කිරීමට ගුවන් සමාගම තීරණය කර ඇත.

දිල්ලි, මුම්බායි, කොළඹ, ජයිපූර්, හයිද්‍රාබාද් සහ කත්මණ්ඩු ඇතුළු දකුණු ආසියාවේ බොහෝ ගමනාන්තයන්ට අදාල ගුවන් ගමන් අවලංගු කරන බව ජාතික ගුවන් සේවය නිවේදනය කළේ ය.මෙඩිනා,මනමා,සලලා සහ ඇතන්ස් වෙත ගුවන්ගමන්ද අවලංගු කර ඇත.

බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානාවල නිෂ්පාදන කාර්මික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමට සිදු වී ඇති බවත්, ඉදිරියේදීත් ගුවන්ගමන් අවලංගු කිරීමට සිදුවිය හැකි බව ඕමාන් සිවිල් ගුවන්සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS