ගුවන් ගමන් තාවකාලකව අරඹයි



ඕමානයේ සලාම් ගුවන් සමාගම සහ ජාතික ගුවන් සේවය සෞදි අරාබියට තාවකාලිකව ගුවන් ගමන් ආරම්භ කරන බව වාර්තා වේ.

ගුවන් සමාගම් දෙක තාවකාලික කාලයක් සඳහා සෞදි අරාබියට ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව මස්කට් නුවර පිහිටි සෞදි තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඕමානයේ සිටින සෞදි ජාතිකයන්ට නැවත සිය රට බලා යාමටත්, සෞදි අරාබියේ සිටින ඕමාන ජාතිකයන්ට ආපසු පැමිණීමට හැකිවන බව තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS