ගුවන්යානා පරීක්ෂා කරයි



එමිරේට්ස් ගුවන් සමාගම ඒ380 වර්ගයේ ගුවන්යානා පරීක්ෂාවකට ලක් කරන බව වාර්තා වේ.

ඒ 380 වර්ගයේ ගුවන්යානාවල පියාපත් ඉරිතැලීමේ හැකියාවක් පවතින බවට යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය උපදෙස් ලබාදී ඇති අතර ලබාදුන් උපදෙස් අනුව ගුවන්යානා පරීක්ෂා කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම පියවර ගෙන ඇත.

දැනට ගුවන්යානා නවයක් (09) පරීක්ෂා කිරීම සඳහා හඳුනාගෙන ඇති බවත් සියළුම ගුවන්යානා පරීක්ෂාවකට ලක් කර ගැටළුවක් නොමැති බවට සහතික කරගැනීමට කටයුතු කරන බව එමිරේට්ස් ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS