ගුවන්ගමන් 900 අවලංගු කරයි



ඕමාන් ගුවන් සේවය ගුවන්ගමන් නවසීයයකට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කරන බව වාර්තා වේ.

2019 ජුලි 07 දින සිට අගෝස්තු 31 අතර කාලය තුල ගුවන් ගමන් 877ක් අවලංගු කිරීමට ගුවන් සමාගමට සිදු වේ.

2019 ජුලි 14 දින සිට අගෝස්තු 31 දක්වා කාලය තුල මුම්බායි, හයිද්‍රාබාද්, ජෙඩා, ඩුබායි, ජයිපූර්, කත්මණ්ඩු, කොළඹ, අම්මාන්, කුවේට්, මෙඩිනා,දෝහා,කැලිකට්,සලාලා,රියාද්,ඇතන්ස්,ගෝවා සහ ජයිපූර් යන ගමනාන්තවලට ගුවන් ගමන් සීමා කරන බව නිවේදනය කර ඇත.  

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන්යානයක් අනතුරට ලක් වීමෙන් පසු ගුවන්ගමන් අවලංගු කිරීමට ගුවන් සමාගම කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS