ගින්නෙන් මහාචාර්යවරියක් මරුට



සෞදි අරාබියේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් ගින්නකට හසු වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

මක්කම නගරයේ පිහිටා ඇති ඇගේ නිවස හදිසියේ ගිනි ගෙන ඇති අතර මහාචාර්යවරිය ඇතුළු දරුවන් තිදෙනා ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත.

ජෙඩ්ඩා විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් අධ්‍යයන අංශයේ සේවය කළ මහාචාර්ය අසිසා බින්ට් මුට්ලාක් අල්-ෂෙරි ලෙස හඳුනා ගෙන ඇත.

මියගිය දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් වෛද්‍යවරයෙක් සහ ඉංජිනේරුවෙක් වන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS