ගැහුවොත් ගහනවා: සෞදි කුමරු



සෞදි අරාබියට එල්ල වන ඕනෑම තර්ජනයකට සාර්ථකව මුහුණදීමට හැකියාව පවතින බව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සෞදි ඔටුන්න හිමි කුමරු පවසා ඇත.

යුද්ධයකට කැමති නැති බවත් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රති-ප්‍රහාර එල්ල කිරීමට පැකිලෙන්නේ නැති බව කුමරු වැඩිදුරටත් පවසා ඇත.

ගල්ෆ් කලාපයේ සියලුම ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් සඳහා ඉරානයේ සහයෝගය ඍජුව ලැබෙන බවට ඉරානයට චෝදනා එල්ල කරයි.

ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව සෞදි කුමරු ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS