ගැහැනුන්ට අපහාස කළාට වැඩ වරදී



කාන්තාවන්ට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඊජිප්තු නීතීඥවරයෙකු හට වසර තුනක සිර දඬුවමක් එරට අධිකරණය විසින් නියම කරනු ලැබ ති⁣බේ.

නබී අල් වාෂ් නැමැති අදාළ නීතීඥවරයා හට වසර තුනක සිර දඬුවමට අමතරව ඩොලර් 130ක දඩ මුදලක් ද නියම කර තිබේ.

ඊජිප්තුවේ ඉරුණු කලිසම් අදින කාන්තාවන් හට ලබාදෙන දඬුවමක් වශයෙන් ඔවුන්ව දූෂණය කළ යුතු බවට පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවති රූපවාහිණී වැඩසටහනකදී අදාළ නීතීඥවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කාන්තාවන් විසින් ශරීරය නිරාවරණය වන ලෙස කලිසම් හෝ වෙනත් ඇඳුම් ඇඳ මාර්ග වල ගමන් කිරීම සම්බන්ධයෙන් අදාළ නීතීඥවරයාගෙන් විමසා ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම කාන්තාවන්ව දූෂණය කරන ලෙසට තමන් ජනතාවට ආරාධනා කරන ලෙසයි.

(තිළිණි ද සිල්වා)
කලීජ් ටයිම්ස් ඇසුරෙනි 

RECOMMEND POSTS