ගාස්තු දෙගුණ කරයි



ගර්භනී කාන්තාවන්ගෙන් අය කරන ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කුවේට් රෝහල්වල ස්වාභාවිකව දරු ප්‍රසූති සිදුකරන විදේශීය කාන්තාවන්ගෙන් දැනට අය කරන කුවේට් ඩිනාර් 50ක මුදල ඩිනාර් 100 දක්වා වැඩිකර ඇත.

සිසේරියන් සැත්කමකට භාජනය වන ගර්භනී කාන්තාවන්ට කුවේට් ඩිනාර් 150 ගෙවීමට සිදු වන අතර දිනකට ගෙවිය යුතු රෝහල් ගාස්තු ඩිනාර් 100 දක්වා වැඩි කර ඇත.

මෙම සංශෝධිත ගාස්තුඅදාළ වන්නේ සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමය යටතේ ලියාපදිංචි වී සිටින විදේශීය කාන්තාවන්ට පමණි.

රෝහල්වල දරු ප්‍රසූතියක් සිදු කරන සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමයේ ලියාපදිංචි නොවී සිටින විදේශීය කාන්තාවන්ගෙන් ඩිනාර් 50 පමණක් අය කරන අතර සෑම අමතර දිනයකටම කුවේට් ඩිනාර් 10ක් අය කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS