ග්‍රීසියත් තුර්කියත් අතරේ අර්බුදයක්



ලිබියාවට ඔබ්බෙන් මුහුදු සීමාව, ආවරණය වන පරිදි තුර්කිය ලිබියාව සමඟ වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම ග්‍රීසියේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

මේ විරෝධය හේතුවෙන් දෙරට අතර අවි ගැටුමක් නිර්මාණය වනු ඇතැයි බිය පළ කෙරේ. නව ගිවිසුමට තුර්කිය අත්සන් තබා ඇත්තේ පසුගිය නොවැම්බර් 27 වැනිදාය.

ඒ මධ්‍යධරණි මුහුදේ වෙළෙඳ කටයුතු මුල්කොට ගනිමිනි. මේ මුහුදු සීමාව තමන්ට ද අයත් බව යුරෝපා සංගමයේ සාමාජිකයකු වන ග්‍රීසිය පවසයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS