ගල්ෆ් හමුදා බළඇණියක් පිහිටුවන්න සැරැසෙයි



තෙල් නැව්වල ආරක්ෂාව තහවුරු කිරීමට ගල්ෆ් රටවල නාවික සහ වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ බළඇණියක් පිහිටුවීමට ඇමෙරිනාව සැරැසෙයි.

මෙම හමුදා බළඇණිය පිහිටුවනු ඇත්තේ, පර්සියානු ගල්ෆ් කලාපය සහ අරාබි අර්ධද්වීපයට අයත් මුහුදේ යාත්‍රා කරන තෙල් නැව්වල ආරක්ෂාව වෙනුවෙනි. මෙම තෙල් නැව්වලට ඉරානයෙන් ප්‍රහාර හෝ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවීමේ අවදානමක් ඇති බව ඇමෙරිකාව පවසා ඇත.

පසුගිය මාස කිහිපයේ තෙල් නැව් කීපයක් ඉලක්ක කර ගනිමින් පිපිරීම් සිදුවිය. එම පිපිරීම් කඩාකප්පල්කාරී ක්‍රියා බවත්, ඒවා පසුපස සිටින්නේ ඉරානය බවත් විමර්ශනයක් පැවැත්වීමෙන් පසු ඇමෙරිකන් නාවික හමුදාව පෙන්වා දුන්නේය.

ඒ අනුව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි, ඇමෙරිකන් හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ජෝසප් ඩන්ෆර්ඞ් මැදිහත් වී, ගල්ෆ් රටවල හමුදා ප්‍රධානීන් හමුවී, මෙම බළඇණිය ස්ථාපිත කරමින්, තෙල් නැව්වල ආරක්ෂාව තහවුරු කිරීමට සූදානමින් සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ටෙල් අවීව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS