ගල්ෆ් රාජ්‍ය නායක සමුළුව සෞදියේ



ගල්ෆ් රටවල රාජ්‍ය නායකයන්ගේ එකමුතුව හෙවත් ගල්ෆ් සහයෝගීතා මණ්ඩලයේ 40 වැනි සමුළුව සෞදියේ රියාද් නුවරදී ආරම්භ විය.

කලාපීය ආරක්ෂාවට මුල් තැන දෙමින්, ගල්ෆ් රටවල් අතර සුහදත්වය වර්ධනය කර ගැනීමත් සම්බන්ධයෙන් සමුළුවට එක් වුණු ගල්ෆ් නායකයන් අතරේ සාකච්ඡා පැවැත්විණි. ගල්ෆ් සහයෝගීතා මණ්ඩලයේ සාමාජික රටවල් ගණන 6 කි.

කටාරය, සෞදිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, කුවේටය සහ බහරේනය එම සාමාජික රටවල්ය. 2025 වසර වෙද්දී, ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීම සම්බන්ධයෙන් ද සමුළුවට සහභාගී වුණු නායකයන්ගේ අවදානය යොමු විය.

සෞදිය සහ කටාර් රාජ්‍යය අතර පවතින අර්බුදය කඩිනමින් සමතයකට පත් ගනිමු යැයි කුවේට් පාලක එමීර් ෂෙයික් සබා අල් අහ්මද් අල් සබා සමුළුවට යෝජනාවක් ද කළේය. සෞදියත් කටාර් රාජ්‍යයත් අතර අර්බුදයක් පවතින්නේ, කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් සෞදචිය චෝදනා කරන නිසාය.

මෙම චෝදනා හේතුවෙන් සෞදිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය එක් කර ගනිමින් කටාර් රාජ්‍යය හුදෙකලා කිරීමට සම්බාධක පැනැවීමක් කර තිබේ.

රියාද්හිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS