ගල්ෆ් මුහුදේ නැවක් ඉරාන අත්අඩංගුවට



ගල්ෆ් මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබුණු නැවක් ඉරානය විසින් අල්ලා ගනු ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි.

ඇමෙරිකා රජය ඉරානයට පවසා ඇත්තේ අල්ලා ගත් එම නැව කඩිනමින් නිදහස් කිරීමට පියවර ගත යුතු බවය. කෙසේ නමුත් ඉරානය මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

විදෙස් නැව අල්ලා ගැනීම සිදු කර ඇතැයි පැවැසෙන්නේ ඉරාන විප්ලවීය හමුදා සොල්දාදුවන් විසින් යැයි ද ඇමෙරිකාව වැඩිදුරටත් කියා සිටී. නැව අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ පසුගිය ඉරිදා (14) ය.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS