ගරිල්ලන් සිරකරුවන් 350 නිදහස් කරයි



යේමනයේ හවුති ගිරිල්ලන් සිරකරුවන් තුන්සිය පනහක් නිදහස් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

එම සිරකරුවන් අතර සෞදි ජාතිකයන් තිදෙනෙක් සිටින බව හවුති ගරිල්ලා සංවිධානය ප්‍රකාශ කළේ ය. සිරකරුවන් නිදහස් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධික්ෂණය යටතේ සිදුවන බව වාර්තා වේ.

ස්ටොක්හෝම් නුවරදී එකඟ වූ සිරකරුවන් හුවමාරු කරගැනීමේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සිරකරුවන් නිදහස් කරන බව හවුති ගරිල්ලන්ට අයත් අල්-මසිරා රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්)

RECOMMEND POSTS